ප්‍රතිලාභීන්ගේ තොරතුරු ප්‍රවේශය



ණය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම් සඳහා විමසීම පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

“කප්රුක ආයෝජන” මූල්‍යාධාර පිළිබඳ පැහැදිලි කරගැනීම් පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ව්‍යාප්ති හා සංවර්ධන අංශයෙන් (011-5549504/ 011-5548998) හෝ ප්‍රධාන කාර්යාලයේ තොරතුරු ඒකකයෙන් (011-5639833) හෝ ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය කාර්යාලයෙන් විමසීමට කටයුතු කරන්න.

කප්රුක ආයෝජන ණය ක්‍රමයේ තාක්ෂණික ව්‍යාපෘති සැකසීම් කටයුතු පොල් වගකිරීමේ මණ්ඩලයේ අදාල ප්‍රාදේශීය කාර්යාලය මඟින් සිදු කරන අතර, එම ව්‍යාපෘති මූල්‍යකරණ කටයුතු (ණය ලබා දිමේ කටයුතු) ණය ක්‍රමය හා සම්බන්ධ බැංකු ශාඛා මඟින් සිදු කෙරෙනු ඇත.

එබැවින් ණය ව්‍යාපෘති පිළිබඳව තාක්ෂණික කරුණු හා පොලී සහන ගෙවීම් පිළිබඳ ඉඩම් පරීක්‍ෂණ හා ලිපිගොනු සැකසීම් පිළිබඳ පැහැදිලි කරගැනීම් පිළිබඳ ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරුගෙන් හෝ ගොවිපල සැලසුම් නිලධාරින්ගෙන් හෝ ව්‍යාප්ති නිළධාරීගෙන් හෝ පොල් සංවර්ධන නිලධාරීගෙන් විමසිම් කරන්න. ණය මුදල් බැංකු ශාඛාවෙන් නිදහස් නොවීම පිළිබඳ පැහැදිලි කර ගැනීම සඳහා ණය ව්‍යාපෘතිය ලබා දෙන ලද ඔබගේ බැංකු ශාඛාවේ කළමනාකරු හෝ ණය නිලධාරී වෙතින් විමසීම් කිරීමට කටයුතු කරන්න.

ලියාපදිංචි ණයලාභීන්හට තම ණය ලිපිගොනුවේ ඉදිරි කටයුතු පිළිබඳව ණය ක්‍රමයේ මෙම වෙබ් සේවාවේ (www.ccbkapruka.lk) “ප්‍රතිලාභීන් සඳහා තොරතුරු පිවිසුම” සබැඳියාව වෙත පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය හෝ ණයගොනු ලියාපදිංචි අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.