ප්‍රතිලාභීන්ගේ තොරතුරු ප්‍රවේශය



කප්රුක ආයෝජන ණය ක්‍රමයේ සේවාවන් වඩාත් කාර්යක්‍ෂමව සහ විධිමත්ව ලබා දීම සඳහා වෙබ් තාක්ෂකණය ආශ්‍රිතව නව තොරතුරු කළමනාකරණ පද්ධතියක් සංවර්ධනය කෙරේ.

ණය ක්‍රමයේ තොරතුරු වඩාත් කාර්යක්‍ෂමව සැකසීම සහ කළමනාකරණය සිදුකර නව තාක්‍ෂණය යොදා ගනිමින් මෙම සේවාවන් වඩාත් සමීපව සහ පුළුල්ව පොල් වගාකරුවන්ට ලබා දීමේ අරමුණින් වෙබ් තාක්‍ෂණය ආශ්‍රිත නව තොරතුරු කළමනාකරණ පද්ධතියක් කොළඹ විශ්ව විද්‍යාලයේ මෘදුකාංග සංවර්ධන අංශය හා එක්ව සංවර්ධනය කර ඇත. මෙම තොරතුරු කළමනාකරන පද්ධතිය ක්‍ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ හා පරිශීලකයන්ගේ අදහස් හා යෝජනා මත තව දුරටත් සංවර්ධනය කර වඩාත් කාර්යක්‍ෂම, පුළුල් හා සමීප සේවාවක් ලබා දීම අපේක්‍ෂාව වේ.